Sunday, July 22, 2018

චීනය නවීනතම Laser අවියක් නිපදවයි

චීනය නවීනතම Laser අවියක් නිපදවයි

චීනය මේවන විට නවතම ලෙසර් අවියක් නිපදවා ඇති අතර එයට කිලෝමීටර් ගණනාවක් එහා පිහිටි ඉලක්කයක් ගත හැකි අතර එම ඉලක්කය ක්ෂණිකව දවාහළු කල හැකිය.චීනය මේ හරහා ස්ටර් වොස් චිත්‍රපයටය යථාර්ථයක් බවට පත් කර ගැනීමට සමත්ව අැති බව විචාරකයන් පවසයි.


මෙම අවිය ඔවුන් නම් කර ඇත්තේ ZKZM-500 ලෙසය.මෙම අවිය පියවි ඇසට නොපෙනෙන ලේසර් ධාරාවක් නිකුත් කරන අතර එය ජනේලයක් හරහා විනිවිද ගොස් ඉලක්කය දවාහල හැකිය.මෙයට ඉලක්ක වන පුද්ගලයා ඇද සිටින ඇදුම ගිනි ගැනීමට ඉක්මනින් ලක්වන රෙදි වලින් (fabric is flammable) යුක්ත නම් ක්ෂණිකව මුලු පුද්ගලයාම දවාලීමට සමත්ය.



මෙම අවියට ලක් වීමෙන් දරා ගැනීමට අපහසු වේදනාවක් ඇති කරන අතර එය ඉතාමත් වේදනා කාරී බව අදාල අවිය නිපදවීමට සම්බන්ධ වූ පර්යේෂකයෙක් පවසා සිටියේය.මෙම අවිය නිපදවීම හා පරීක්ෂා කිරීම සිදු කර ඇත්තේ චීනයේ Xian Institute of Optics and Precision Mechanics at the Chinese Academy of Sciences විසිනි.


මෙම අවියේ බර AK -47 අවියට සමාන වන අතර එහි බර කිලෝ තුනක් පමනි.දැන් මෙම අවිය වාණිජ මට්ටමෙන් නිපද වීම අරඔා ඇති අතර මුලිකව මෙය ත්‍රස්ත මර්ධන කටයුතු සදහා හා චීනයේ සන්නධ පොලිස් ඒකක වලට දීමට අදහස් කරගෙන ඇත.

ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ කටයුතු වලට මෙම අවිය සාර්ථකව යොදා ගත හැකි අතර එයින් අපරාධ කරුවා දුර සිට මෙම අවිය ඉලක්ක කර අබාධිත තත්වයට පත් කල හැකිය. මෙයින් කිසිදු ශබ්දයක් නොනැගෙන අතර එම කිරණ පියවි ඇසටද නොපෙනේ.මේ නිසා මෙයින් එල්ල කරන ප්‍රහාරයකදී ඉලක්කය ක්ෂණිකව ගිනි ගන්නා නිසා එය හදිසි අනතුරක් ලෙස පෙනේ.


මෙයට බලය දෙන්නේ ලිතියම් බැටරි පැක් එකක් හරහාය.එය ස්මාර්ට් ෆෝනයක බැටරියට සමානය.ඒ තත්පර දෙකක් තුල මෙයින් ප්‍රහාර දහසක් එල්ල කිරීමට බලය ඇත.වාණිජ මට්ටමේ නිෂ්පාදනයේදී එක් අවියක් නිපදවීමට යුවාන්(ඇ.ඩො 15000) 1000 වේ.මෙම අවිය ප්‍රහාරක යානා සදහාද සවිකල හැකිය.
මෙය දැනට ලබා දීමට තීරණය කර ඇත්තේ චීන ආරක්ෂක අංශ සදහා පමනි.





Saturday, July 14, 2018

ශ්‍රී ලාංකික තාරුණ්‍ය දියකර දමන මත්රකුසා

ශ්‍රී ලාංකික තාරුණ්‍ය දියකර දමන මත්රකුසා


වර්තමාන ශ්‍රී ලාංකීය ජන සමාජය මුහුණ දෙන අතිශය  ඛෙදනීයම ව්‍යසනයක් ලෙස මත් උවදුර හදුන්වා දිය හැකිය.මේ වන විට අතීතයේ නාගරික සමාජයට පිලලයක්ව තිබූ මෙම ව්‍යසනය අද අපගේ ග්‍රාමීය සමාජය ද ගිලගෙන හමාරය.මත්ද්‍රව්‍ය භාවිතය අද පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරද ඉතාමත් වේගයෙන් පැතිරීගෙන යයි.මෙය අප රටේ සමාජ ආර්ථික සංස්කෘතික යන සෑම අංශයක්  කෙරෙහිම අතිශය අහිතකර ලෙස බලපායි.
ශ්‍රී ලංකාවේ බහුලව ම වර්තමානයේ භාවිතා වන මත්ද්‍රව්‍යන් ලෙස කසිප්පු,ගංජා,කේරළ ගංජා හා හෙරොයින් දැක්විය හැකිය.මේවා හැරුණ විට අඩු වැඩි වශයෙන් නානාප්ප්‍රකාර මත්ද්‍රව්‍ය වර්ග පවතී.

මේ ආකාරයට මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීම හේතුවෙන් පවුල් සබදතා බිද වැටී බොහෝදෙනා ඉතා අන්ත අසරණ තත්වයට පත්ව ඇත.ඇතැම්  අවස්ථාවල පියා මතට ඇබ්බැහිවීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය බිද වැටී පාසල් ගමන අතරමග නැවතී ඇත.එමෙන්ම බොහෝ අවස්ථාවල මතට ගොදුරු වුවන් මත්ද්‍රව්‍ය පානය කර තම බිරිදට අමානුෂීය ලෙස පහර දෙන අවස්ථා අද ලාංකීය  සමාජය තුල සුලබ සිදුවීම්ය.මෙවැනි අඩදබර මැද  ජීවත් වන දරුවන්ගේ මානසිකත්වය  කෙබදුද?මේ අකාරයේ  ආරවුල් හේතුවෙන් කඩා වැටෙන පවුල් සංස්ථා අද අප සමාජය තුල සුලබ පුවත්ය.


තවද තම තරුණ  දරුවන් ගේ  මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම් හේතුවෙන් අනේක විධ දුක් ගැහැට විදින දෙමාපියන් අපමණය.තමන් මුළු ජීවිත කාලයේදීම හරි හම්බ කල සියලු දේ විකුණා දමමින් මත් කුඩු පානය කරන දරුවන් සිටින දෙමවුපියන් ගේ මානසිකත්වය කෙබදුද?ඇතමුන් තම දරුවන්ගේ මේකී ක්‍රියා කලාප හේතුවෙන් මහ මගට වැටෙන තත්වයට පත්ව ඇත.

විශේෂයෙන් මත්කුඩු සදහා ඇබ්බැහි වූවන් දිනකට රු 500.00 සිට 20000.00 හා එම සීමව ඉක්මවා වැය කරනු ලබයි.දෛනිකව අඩුම තරමේ රු 150.00 ක් කසිප්පු මුදලාලීට පුදකර මෙම වස පානය කරන්නන් ග්‍රාමීය හා නාගරික සමාජයේ ඕනෑ තරම්ය.ඇතුමුන් දිනකට තම ජීවිකාව සිදු කර උපයන  මුදල රුපියල් 2000.00 ක් නම් ඉන් 1500.00 ක්ම මත් පැන් හා මත්ද්‍රව්‍ය සදහා වැය කර නිවසට ගෙන යන්නේ රු 500.00 ක් වැනි සොච්චම් මුදලකි.

බහුතරයක් තරුණයින් මත්රකුසා සදහා බිලි වන්නේ පවිටු මිතුරු ඇසුර නිසාවෙනි.මත්පානයේ ආදීනව කියා දෙනු වෙනුවට එහි ඇති තාවකාලික සතුට පෙන්වා දී තම සමීප මිතුරන් මත් වතුරට මත් කුඩට පොලබවා ගන්නට මෙකී අපාය සහාය මිතුරන් අති දක්ෂයෝය.තමන් වැටී ඇති වලේ තරම දන්නා මතට ඇබ්බැහි වූ පවිටු මිතුරා තම රැහේම සිටින මතට යොමු නොවු නොඉදුල් අයවලුන් කෙසේහෝ තමා සිටින අපායටම ඇද ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරයි.මෙය ඊර්ෂ්‍යාව හා  හුදු ආත්මාර්ථකාමීත්වය හැර වෙන කුමක්ද?
බොහොවිට අපට හමුවන මතට යටවූ අනෙක් පිරිස වන්නේ තම බිරිද මැද පෙරදිග දුරු කතර වෙත ගොස් ඇති විගමනික ශ්‍රමිකයින් ලෙස වර්තමානයේ හදුන්වන වහල් සේවයේ නියුක්ත අප රටේ කාන්තාවනගේ දයාබර ස්වාමි පුරුෂයින්ය.අවසන ස්වාමියා මත්ලෝලියෙක් බවට පත්ව අනියම් සබදතා ඇති කරගෙන මුළු පවුල් ජීවිතයම අවුල් කරගන්නා අතර මෙයින් යන එන මං අහිමි වන දරුවන් ගේ පාසල් අධ්‍යාපනය කඩකප්පල් වී ඇතැම් අවස්ථාවල සමාජයෙන් විවිධ අඩත්තේට්ටම් වලට ලක්ව පියා ගේ අඩිපාරේ ම යමින් මත ජිවිතය කර ගන්නා අවස්ථා සමාජයේ  අනන්තවත් තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතය සදහා යොමු වූ මුල් අවධියේ උපදේශනය වැනි ක්‍රම මගින් මෙයින් මිදිය හැකි වුවද පසුව එයට ඇබ්බැහි වූ විට ඉන් මිදීමට ව්‍යෛ ප්‍රතිකාර ගත යුතුය.විශේෂයෙන්ම මත්දුව්‍ය නැති විට SICK හැදෙන අවස්ථාවේ යමෙක් පසු වේනම් ඉන මිදීමට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.මෙ සදහා බොහෝ රජයේ රෝහල් වල වෙනමම ඒකකයක් පවතින අතර එහි සායන සදහා යොමු වී ප්‍රතිකාර අඛණ්ඩව ගැනීම තුලින් ඇබ්බැහිවීම 100% ක්ම ඉවත් කර ගත හැකිය.මෙහිදී අවශ්‍ය පරිිදි වෛද්‍ය වරයා සායනයේදී ලබා දෙන ප්‍රතිකාර (බෙහෙත්) වගකීමකින් යුතුව පාවිච්චි කල යුතුය.මේ අකරයෙන් මෙවැනි ඇබ්බැහිවීම් සදහා වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම පවතින බව බොහෝ දෙනා නොදනී.මේ නිසා බොහෝ දෙමාපියන් සහෝදර සහෝදරියන් වැනි සමීපතමයන් මෙසේ මතට ඇබ්බැහි වූ තම ලබැදියන් මින් මුදවා ගන්නේ කෙසේ දැයි සිතමින්  අනේක වාරයක් ලතවේ.



මෙසේ මතට ඇබ්බැහි වූවන් සදහා පලමුව  වෛද්‍ය ප්‍රතිකාර  යොමු කොට ඒ අතරතුර උපදේශනාත්මක ප්‍රතිකාර ක්‍රමානුකූලව ලබා දිය යුතුය.මේ සදහා ප්‍රතිකාර ලබා දීමට රජයේ රෝහල් වල වෙනම අංශයක්(මානසික සෞඛ්‍ය සායනයක්) ඇති අතර ඒ හරහා වෛද්‍ය සායනික ප්‍රතිකාර සෑම සතියේ තෝරාගත් දිනයන් කිහිපයක පැවැත්වෙන අතර ඒ සදහා සහභාගී වී අවශ්‍ය උපදේශනයන් හා වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුව අවශ්‍ය බෙහෙත් ලබා දෙන අතර මෙවා ක්‍රමානුකූලව ගැනීම තුලින් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීමෙන් 100% ක්ම ඉවත් විය හැකිය.

ඔබ දන්නා මෙවැනි මතට ඇබ්බැහි වූවන් වෙතොත් වහාම ඉහත සදහන් පරිදි කටයුුතු කර ඔවුන් ඉන් මුදවා ගැනීමට දායක වන්න.එය ඔබට මහා පුණ්‍ය කර්මයක් වන්නා සේම අප රටේ අභිවෘද්ධිය උදෙසා අවශ්‍ය වන ජාතික මෙහෙවරකි.